පළමු කොටස කථාව ලියන්නට තරම් මෙව්වා එකක් මට අද නොමැති බැවින් එහි පටන් ගැන්මේ කිසියම් අඩු පාඩුවක් ඇත්නම් සමාව ආයාචනය කරමි.. පාසලේ පළමු වාරය අවසන් වුවත් නිවාඩු කාලය තුල ඈ නැවත කවදා හමුවේ දැයි සිතමින් මා ලත වූ නමුත් ඈ ඉන්නා තැනක් තියා ඇගේ නමවත් සොයා ගැනීමට මට නොහැකි උනෙමි. කාලය එසේ ගෙවී ගිය අතර එක සෙනසුරාදා දිනක මා සහභාගි වන අමතර පන්තියේදී ඈ දකින්න ලැබුනේ නොසිතූ ආකාරයෙනි. කෙසේ වෙතත් ඔබේ හිතේ හට මා පිලිබදව අමුතු චිත්රයක් මැවී ඇති බවනම් සැක නැත.නමුත් ඔබාලා සිතන ආකාරයට මා ඈ හට ආදරය නොකරන බවනම් කිව යුතුය.මා හට ඈ කෙරෙහි ඇත්තේ කිසියම් වූ කැමැත්තක් පමණි. ඔබලා සිතන ආකාරයට මා ලියන්නට ගත් මාගේ මේ සුන්දර කථා වස්තුව ආදර කතාවකටම සීමා වූවක් නොවන අතර මාගේ ආදර වන්තිය චරිතයක් ලෙසට තවමත් කතාව තුලට නොපැමින ඇති බව නම් කිව යුතුමය. කෙසේ නමුදු මා ඈ සිටි ආසනයට පසුපස අසුනකින් ඉදගත් ගත්තෙමි. කෙසේ වෙතත් කෙල්ලන් වූ කල්හි ලැජ්ජා බයට හැදුන කා සමගවත් සම්මත්ජතියකට කතා නොකරන අමුතුම සoකීර්න ජාතියක් වන අතර උන් තේරුම් ගැනීමට උත්සහ දැරීම...