පළමු කොටස
කථාව ලියන්නට තරම් මෙව්වා එකක් මට අද නොමැති බැවින් එහි පටන් ගැන්මේ කිසියම් අඩු පාඩුවක් ඇත්නම් සමාව ආයාචනය කරමි..
පාසලේ පළමු වාරය අවසන් වුවත් නිවාඩු කාලය තුල ඈ නැවත කවදා හමුවේ දැයි
සිතමින් මා ලත වූ නමුත් ඈ ඉන්නා තැනක් තියා ඇගේ නමවත් සොයා ගැනීමට මට
නොහැකි උනෙමි.
කාලය එසේ ගෙවී ගිය අතර එක සෙනසුරාදා දිනක මා සහභාගි වන අමතර පන්තියේදී ඈ දකින්න ලැබුනේ නොසිතූ ආකාරයෙනි.
කෙසේ වෙතත් ඔබේ හිතේ හට මා පිලිබදව අමුතු චිත්‍රයක් මැවී ඇති බවනම් සැක නැත.නමුත් ඔබාලා සිතන ආකාරයට මා ඈ හට ආදරය නොකරන බවනම් කිව යුතුය.මා හට ඈ කෙරෙහි ඇත්තේ කිසියම් වූ කැමැත්තක් පමණි. ඔබලා සිතන ආකාරයට මා ලියන්නට ගත් මාගේ මේ සුන්දර කථා වස්තුව ආදර කතාවකටම සීමා වූවක් නොවන අතර මාගේ ආදර වන්තිය චරිතයක් ලෙසට තවමත් කතාව තුලට නොපැමින ඇති බව නම් කිව යුතුමය.
කෙසේ නමුදු මා ඈ සිටි ආසනයට පසුපස අසුනකින් ඉදගත් ගත්තෙමි.
කෙසේ වෙතත් කෙල්ලන් වූ කල්හි ලැජ්ජා බයට හැදුන කා සමගවත් සම්මත්ජතියකට කතා
නොකරන අමුතුම සoකීර්න ජාතියක් වන අතර උන් තේරුම් ගැනීමට උත්සහ දැරීම
කොල්ලන් වන අපගේ මොලය පවා උලුක් වීමට හේතු කාරණා වන්නේය.පන්තිය තුල වෙනදා ආකාරයට සියල්ල සිදු වු අතර නොසිතූ ආකාරයට විවේක කාලය තුල ඇගේ යෙහෙලියක් මා ලගට ආවාය.මා ඉහත කියූ ආකාරය කෙල්ලන් සමහර වෙලාවට සිදු කරනුයේ කොල්ලන්ගේ මොළයද උලුක් වන් වැඩ බව ඔබට මෙයින් වැට හෙනු නිසකය..
ඔයාට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?
මෙතනින් මා අදට මෙම කතාව අවසන් කරන්නට සිතන් සිටියද, කතාවේ අවසානය තුල තෙරුමක් තිබිය යුතු බැවින් එය මෙසේ අවසන් කරමි.
අරයා ඔයාට සොරි කියන්න කිව්වා..
කවුද.................?
අර අතන් ඉන්නේ,එයා..
මට ඇයට කතාකරන්නට ඕන උන බව ඇත්තය,ඇය දකින්නට ආශාවෙන් සිටි බවත් ඇත්තය.. නමුත්...මෙච්චර ඉක්මන්ට..
ඇයි එයා සොරි කිව්වේ..?
එයා ඔයාට බැන්නලු නේද.ඒකට වෙන්න ඇති..
සමස්තයක් ලෙස කෙල්ලන් නොකියා දෙයක් කියන්නට ඉතා දක්ශය.ඒ කෙල්ලන්ගේ සහජ හැකියාවක්ද නැත්නම් අර තියන්වා යැයි කියන මායම් වලින් එකද යන්න අපැහැදිලිය. කෙසේ වෙතත් කියන්නට ආ දේ ඈගේ යෙහෙලිය කියා ගිය ගිය අතර ඈ හැරෙන්නේ පොල් පැලය කන්නට බව මටටත් වැටහී ගියෙමි . මේ සිද්ධියෙන් පසු මා ඈ පිලිබදව වැරදි ප්‍රතිරූපය මවාගත් අතර ඈ හැම කොල්ලෙක් සමගම කතා කර අමුතුතු චරිතයක් බව වටහා ගත්තෙමි. ඉන් පසු ඈ පිලිබදව සොයන්නට මා එතරම් තැකීමක් නොකල නමුත්
Comments
Post a Comment