සිතන්නටවත්
ලියන්නටවත්
කිසි දෙයක් නැත..
සිත ලත උනත්
ලියන්නට දෙයක්..
නැත සිතට පැමිනෙන්නේ..
කුමක් ලියම්ද..
කෙසේ ලියම්ද..
තවමත් සිත ලත වෙන්නේ..
පද ටිකක්..
කෙසේ හෝ ගැලපුවත්..
අර්ථයක් නම්..
නැත පැමිනෙන්නේ..
පිලිවෙලක් නැත..
තෙරුමක් නැත..
ලියූ දේ නොමැත වැට හෙන්නේ..
ලියූ දේ.
අවසන් කරන්නට..
නොමැත තේරෙන්නේ..
සිතන්නට දෙයක්..
ඉතිරි කොට..
අවසන් කරන්නම්
මෙය..
අපිළිවෙල..
පිලිවෙලක් වන්නට..
නොගැලපුම..
ගැලපුමක් වන්නට..
සිතු දේ හට..
ලියූ දේ හට..
තේරුමක් ගන්නට..
ලතැවුල් සිත..
සදා ගන්නට..
" ඔබත් මා ලඟ සිටියානම් "
Comments
Post a Comment