මෙය මා ලියන්නට සිතුවේ මාගේ සුන්දර මතකයන් ගොන්නෙන් මට ඇත් විශේෂ වූ එක් සුන්දර මතකක් නිසාමත් එය මාගේ පාසක් කාලය තුල ලැබුනු සුන්දර අත්දැකීමකු වන බැවිනුයි..
මතක හැටියටනම් ඒ අටවන ශ්‍රේණියේ පළමු වාරය අවසන් දිනයයි.කරන්නට වැඩ නොතිබුන බැවින් ළමුන් තම තමන්ගේ වැඩවල නිරත වූ අතර මා ද යාලුවන් සමග සින්දු කියමින් සිටි බැවු මතකය.හදිස්සියෙන් මා ඉදිරියට දුවගෙන ආ ළමයෙක් මගේ ඇගේ හැප්පී වැටුනා මතකය.කියන්නක් මෙන් නොසිතු දවසක නොසිතු මොහොතක් සිදු වූ මේ සිද්දිය ජීවීත කාල තුල මෙතරම් මතකයට නැගෙන දිනයක් වේ යැයි මා තියා ඈ වත් නොසිතන්නට ඇති... "තමුසෙට පිස්සුද?,කොහෙද බලාගෙන ඉන්නේ..?අනිත් මිනිස්සු පාරේ යන්නෙ නැද්ද?" මා පන්තිය මැද යාලුවන් සමග සින්දු කියු බැව් ඇත්තය.ඒ තියා මා අහක බලාගෙන ගියේවත් ඇගේ ඇගේ හැප්පුනේවත් නැත.කෙසේ වෙතත් ඒ ඇගේ වැරැද්දකි. මා ඒ ටික කියන්නට හැරුනත් ඈ දුටු විට සියල්ල අමතක් වි ඈ දෙස බලා සිටියා හැර කිසිවක් කිවායි මතක් නැත. "ඈ මොන මොනවදෝ සෑහෙන ගොඩක් කියූ අතර මගේ උරහිසටද ගසා යන්නට ගියාය."
කතාවට කෙල්ලන් සුන්දයි කීවද මා ඒ මොහොත වන තෙක් විශ්වාස නොකල ඒ කතාව විශ්වාස කරන්නට පටන් ගත්තේ ඈ දුටු මොහොතේ පටන්ය. සැබවින්ම ඈ සුන්දරය.හුරුබුහුටිය. කෙසේ වෙතත් ඒ වන විට මා ඈ වෙත ආකර්ශනය වි හමාරය.අප පන්තියේම සම වයස් කාරියක් වූ ඈ එදා සිට මගේ ජීවිතයේ සුන්දර චරිතයක් වුවාය..
කෙසේ වෙතත් මගේ ප්‍රථම ප්‍රේමයේ කතා නායිකාව කතාව තුලට රැගෙන් ඒමට ඉක්මන් වූවා දැයි මා හට සිතෙන අතර.කෙසේ හෝ ඈ ඒ වන විටත් මගේ කතාව තුල මුල් තැන හිමිකරගෙන හමාරය.කෙල්ලන් වූ කල්හි කිසිවිටකත් තෙරුම් ගත නොහැකි සත්ව වර්ගයක් වන අතර කෙල්ලන් තෙරුම් ගැනීමට උත්සහ දෑරීමද එයිටත් එහා ගිය අපහසු කාරනාවකි. පාසලේ පලමු වාරය එසේ අවසන්න්න් වු අතර ඈ නැවත කවදා හමුවෙවිදැයි සිතමින් මා ලත උනෙමි. කෙසේ වෙතත් එක් සෙනසුරාදා දිනක....
Comments
Post a Comment