දවස් දෙකක කෙටි නිවාඩුවකින් පස්සේ රෝහලට එන පළවෙනි දවස,
හීනියට ආව හුළඟක් ඇගේ දැවටිලා පුංචි හීතලක් එක්ක ඇඟම වෙව්ලලා යද්දී කොහෙන්දෝ ආව පුරුදු සුවඳක් විනාඩියකට මාවඅතීතයට එක්කං ගියා..ලස්සන ලස්සන හීන එක්ක ජීවත් උන මට ජීවිතේ විදලා විදවන්න කියලා දුන්න ඒ පුරුදු සුවඳ......
ඩොක්ටර්..... ඩොක්‍ටර්....මෙයාට ටිකක් අමාරුයි වගේ....
හීනයක්ද හැබහින්ද තේරුන් ගන්න බැරුව එකපාරට ගැස්සිලා පියවි ලෝකයට ආවේ නර්ස්ගේ කෑගැහිල්ලට..
දෙයියන්නේ.....මට ජීවිතේ කියලා දුන්න මීට අවුරුදු ගනකට කලින් මං ලග හිටිය ඒ පුරුදු සුවද..අද මං ඉස්සරහා..
මීට අවුරුදු ගානකට කලින් උබව මාව දාලා යද්දී.ඒ මතකයන් එක්ක තනියම ජීවිතේ ගෙවන්නං කියලා හිතං හිටිය මං ඉස්සරහටඋඹ ආයම ඇවිත් අලුත් ජීවිතේකුත් එක්ක.
හරි හරි ඉක්මනට මෙයාව අරන් යන්න මං එන්නං..........
විනාඩියකට දෙකකට හීනයක් වගේ ගලාගෙන යන මේ සිද්දිය මට තේරුන් ගන්න බැරුව ඉද්දී කවදා කොතැන ආය මුන ගැහෙයිදදන්නෑ කියලා හිතපු ඒ ජීවිතේ ආයමත්.......
ඇයට කියන්න දේවල් ගොඩක් ඇති මටත් එහෙමයි මේ ඔක්කොම හිත හිත කාලය යද්දී මං වෝඩ් එකට ගියා..පැය බාගෙකටවිතර සැත්කමකින් පස්සේ ලස්සන කොලු පැටියෙක් ඒ පුරුදු සුවදත් එක්ක..
උඹ අහිංසක විදිහට මං දිහා බලං ඉද්දී උබට දුන්න අලුත් ජීවිතෙත් එක්ක මං විනාඩියකට තනි උනා..ඒ හැම දේමත් එක්කඑළියෙ ඉදං ආව කවුදො ඩොක්ටර් thank you කියලා අතට අත දුන්නා.
.................................................................
මීට අවුරුදු ගානකට කලිං උඹ මාව දාලා යද්දී, උබේ තාත්තා මට නිකමා කියලා බනිද්දී,උබට ලස්සන ජීවිතයක් දෙන්න බෑ කියලාමට කියද්දී....උබ ඒ ඔක්කොමත් එක්ක ගෙදරට මූණ දෙන්න බැරුව මාව දාලා යද්දී..එදා හිතුවද මේම වෙයි කියලා..උබ ඇවිත්ආයම ඒ මතක අලුත් කරද්දී උබට මං පුංචි දෙයක් කියන්නං....
ලස්සන කොලු පැටියෙක් විනාඩියකට මාත් තාත්තා කෙනෙක් උනා උබේ ඔය පොඩි එකාට,පරිස්සමට බලා ගනිං ලස්සන ජීවිතයක්දීපං,
පුලුවන්නං එක දෙයක් කරපං මං වෙනුවෙන් මගෙ නම පැටියට තියපං.....උබ මං ලග මගෙ තනියට ඉන්නවා වගේ..උබටත්මැරෙණකන් මාව මතක තියා ගන්න..උබටත් උබේ තනිය මැකෙන්න.....
Comments
Post a Comment